Sunday, June 17, 2012

වහන්සේ..,

හසන්ත මහත්තයෝ,
අපේ රට බාර අරං තියෙන්නේ, දෙවියන් වහන්සේ කෙනෙක්, රාජ තේජසින් බැබලෙනකොට ඒකට යටත් වෙන ඔක්කොම දේවල් අගට වහන්සේ කියලා වචනයක එක්කාසු කොරන්ට අපි දැනමුතු වෙන්ටෝනේ.., මුට්ටි වහන්සේ, ලිප් වහන්සේ, අපේ දේවයන් වහන්සේගේ අර මහාමේරු පරුවත තුනක් රට මැද එකතු පහදු කරලා වගේ තියෙන බේබි වහන්සේලා තුන්දෙනා ගැනත් නොකියම බෑ නේද හසන්ත මහත්තයෝ..? අපි අත්දෙක එක්කහු කරලා පුරාණ ගම් වැසියෝ වගේ බිම දිගාවෙලා මේ රටේ කරන දියුණුව තව තවත් කොරන්ටෝනෑයි කියාල සාදු කාර දෙන්නෝන..,
මේ අපේ සිංහල ලේ, සිංහල උරුවට හැදුනු උජාරු උදවිය නෙව.., එහෙව් රටේ අය එකතු පහදු වෙලා මේ රට යන ගමනට ජය ගෝසා කරන්ටෝනේ, එතකොට තමා අපේ දෙවයන් වහන්සේටයි, මැතිනි වහන්සේටයි, බේබි වහන්සේලාටයි පෙර කලා වගේ අපේ රටට වැඩ කරන්න හිත දෙන්නේ.., එහෙම නේද හසන‍්ත මහත්තයෝ...?